Life
කකුල් පැලෙනවාට සරළ ආයුර්වේද ඛෙහෙත්
කකුල් පැලීම නිසා තරුණියන්ගේ පාද එයින් අවලස්සන වීමත්, වේදනාවත්, අපහසුතාවයට පත් වීමත් සිදු වෙනවා. අද තරුණියන් අතර සුලබ ලෙස මෙම රෝගී තත්වය දැක ගන්න පුළුවන්. මෙයින් ඇතිවන මානසික පීඩනය සහ පාදයේ විළුඹේ ඇති වන පැලීම් නිසා ඇතැම් විට සුළු වශයෙන් රුධිරය වහනය වීමත් මෙහි රෝග ලක්ෂණ විදියට හඳුන්වා දෙන්න පුළුවන්.
මෙයට ප්රතිකාර ලෙස,
අමු කහ දෙහි ඇඹුලෙන් ගල ගෑම.
තෝර කොළ ඇල්දියෙන් අඹරා ගාන්න.
අලි පේර, ලාවුළු, බටර් හෝ එළගි තෙල් සම`ග කලවම් කර ගාන්න.
දේහ කුෂ්පි රසායන තේ හැඳි එකක් කන්න ඉන්පසු කිරි හෝ නෙල්ලි රසකිඳ, තැම්බූ වතුර බීම සුදුසුයි.
කහපාට එළවළු වර්ග කහපාට පලතුරු ආහාරයට ගන්න.
හොඳින් වතුර බොන්න.
Wmqgd .ekSu Ys% ,xld